About Us

Image

அரசாங்க தகவல்
திணைக்களம்

அரசாங்க தகவல் திணைக்களம் ஊடக அமைச்சின் கீழ் செயல்படுகிறது. இலங்கையின் நிலையான அபிவிருத்தி இலக்குகளை அடைவதற்கு அரசு மற்றும் தனியார் ஊடகங்களை ஒருங்கிணைத்து செயல்படுத்துவது இந்தத் திணைக்களத்தின் கடமையாகும். அரசாங்க சேவையின் பொறுப்புணர்வு மற்றும் வெளிப்படைத்தன்மையை ஏற்படுத்துவதோடு ஊடகங்களின் சுதந்திரத்தையும் பாதுகாத்து ஊடகத்துறையில் நல்லிணக்கமான சூழலை உருவாக்குவதற்கான தேவையான வழிகாட்டுதல்களை வழங்குவதும் அரசாங்க தகவல் திணைக்களத்தின் எதிர்பார்ப்பாகும்.

நாட்டு மக்களுக்கு துல்லியமான தகவல்களை அறிந்து கொள்ளும் உரிமையை உறுதி செய்தல், அரசின் அனைத்து தகவல்களையும் ஊடகங்களுக்கு வெளியிடுதல், சிறப்பு நிகழ்வுகள் குறித்து மக்களை அறிவுறுத்துதல், தகவல் சேகரித்தல், தரவு சேகரித்தல் மற்றும் அவற்றை மக்கள் மத்தியில் பகிர்ந்து கொள்ளும் செயல்முறையை செயல்படுத்துதல், செய்திகள் மற்றும் தகவல்கள் என முக்கியத்துவம் வாய்ந்த அறிக்கைகள், செய்திகள் மற்றும் பிற தரவுகளை சேகரித்து பராமரித்தல் மற்றும் பாதுகாத்தல் போன்றவை இந்தத் திணைக்களத்தின் கடமையாகும்.

ஊடகவியலாளர்களுக்கு தேவையான பயிற்சி, வசதிகள் மற்றும் வாய்ப்புகளை வழங்குதல், அவர்களின் தொழில்முறை தரத்தை உயர்த்துவதற்கும் தொழில்முறை பாதுகாப்புக்காகவும் செயல்படுதல், அரசின் தரவை பகுப்பாய்வு செய்வதுடன் தகவல்களை சேகரித்து, ஒலி, காட்சி மற்றும் எழுதப்பட்ட ஆவணங்களை ஊடகவியலாளர்களுக்கு பயன்படுத்துவதற்காக வழங்குதல் போன்றவை இந்தத் திணைக்களத்தின் முக்கிய செயல்பாடுகளில் அடங்கும்.

දැක්ම

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක යෙදෙන වගකීමක් සහිත ස්වාධීන මාධ්‍ය සංස්කෘතියක් ආරක්ෂා කිරීම, පවත්වාගෙන යාම හා මගපෙන්වීම

මෙහෙවර

නූතන ප්‍රවණතාවයන් සැලකිල්ලට ගනිමින් වඩාත් විශ්වසනීය මාධ්‍ය මෙහෙවරක් වෙනුවෙන් නිවැරදි තොරතුරු සහ රජයේ දැක්ම පුරවැසියා වෙත වඩාත් කාර්යක්ෂමව සම්ප්‍රේෂණය කිරිමේ ක්‍රමවේදයක් සැකසීම. ශ්‍රී ලාංකීය මාධ්‍ය ප්‍රභවයන්ගේ අනන්‍යතාව හා ස්වාධීනත්වය සුරක්ෂිතවන පරිදි සුහදශීලී මාධ්‍ය පරිසරයක් නිර්මාණය කිරීම, නිවැරදි තොරතුරු දැනගැනීමේ මහජන අයිතිය ආරක්ෂා කිරීම, මාධ්‍ය ක්ෂේත්‍රය හා මාධ්‍යවේදීන් නගා සිටුවීමට කටයුතු කිරීම තුළින් රටේ තිරසාර සංවර්ධනය උදෙසා උපරිම මාධ්‍ය දායකත්වයක් තහවුරු කිරීම

අරමුණු

ජාතික වශයෙන් වැදගත්වන්නා වූ හා රජයේ ප්‍රතිපත්ති, සැලසුම් හා සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරීම

උසස් මාධ්‍ය සංස්කෘතියක් බිහිකිරීම

වැදගත් හා කාලීන සිදුවීම්, රජයේ තොරතුරු හා සිදුවීම් ශ්‍රව්‍ය, දෘෂ්‍ය හා මුද්‍රිත මාධ්‍යයන් යොදා ගනිමින් වාර්තාගත කිරීම හා ඒවා සංරක්ෂණය කිරීම

මාධ්‍ය ක්ෂේත්‍රය හා මාධ්‍ය වේදීන්ට අවශ්‍ය පහසුකම් සැපයීම, පුහුණුව ලබා දීම හා අවශ්‍ය අවස්ථාවන්හි දී සුබසාධන කටයුතු සඳහා නායකත්වය දැරීම

මාධ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය වන්නා වූ මානව හා භෞතික සම්පත් සංවර්ධනය කිරීම

වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා
වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාඅමාත්‍ය
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
මුදිත හංසක විජේමුණි
මුදිත හංසක විජේමුණිනියෝජ්‍ය අමාත්‍ය
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
වෛද්‍ය අනිල් ජාසිංහ මහතා
වෛද්‍ය අනිල් ජාසිංහ මහතාලේකම්
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
එච්.එස්.කේ.ජේ. බණ්ඩාර
එච්.එස්.කේ.ජේ. බණ්ඩාරරජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

ඉතිහාසය

සෝල්බරි කොමිෂන් සභාවේ උපදෙස් හා නිර්දේශ අනුව 1948 ජූලි මස 31 වැනි දින කොළඹ ගාලු මුවදොර පිහිටි මහ ලේකම් කාර්යාලයේ දී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ස්ථාපිත කරන ලදී. මෙම දෙපාර්තමේන්තුව ප්‍රවෘත්ති අධිකාරී පී. නඩේසන් මහතා විසින් පාලනය කරන ලදී.

ආරම්භයේ දී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රධාන අංශ තුනකින් සමන්විත විය.

ප්‍රවෘත්ති සැපයීමේ අංශය

රජයේ පොත්පත් අංශය

ආණ්ඩුවේ චිත්‍රපට අංශය

මහලේකම් කාර්යාලයේ ස්ථාපිත කර තිබූ මේ දෙපාර්තමේන්තුව ජාවත්ත වාරිමාර්ග ගොඩනැගිල්ල, මොරටුව පොල්වත්තේ වෙලෝනා ගොඩනැගිල්ල, කොටුව ට්‍රාන්ස්වර්ක් මැදුර, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතේ අතපත්තු ගොඩනැගිල්ල යන ස්ථානයන් වෙත විවිධ අවස්ථාවලදී සංක්‍රමණය වීමෙන් අනතුරුව වර්තමානයේ නාරාහේන්පිට, පොල්හේන්ගොඩ, කිරුළපන මාවතට ගෙන එන ලදී.

ආරම්භයේ සිට ම ඍජුවම ජනතාවට පුවත් සපයන මාධ්‍ය ආයතන සමග සම්බන්ධවන ප්‍රධාන රාජ්‍ය ආයනය බැවින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉතා විශාල වගකීමක් සහ කාර්යභාරයක නිරත දෙපාර්තමේන්තුවකි.

Awards

Best Web Sri Lanka - 2013 (Result Page)

Best Sinhala Web site – Merit Award

Best Web Sri Lanka - 2017 (Result Page)

Government Category - Bronze Award

Image
Image